මැදිපෙරදිග රටවල් 06කිනුත් මගීන් රැගෙන ඒම තහනම් කරයි


(තිළිණි ද සිල්වා සහ ටී.කේ.ජී.කපිල)

පසුගිය සති දෙකක කාලය තුළ මැදපෙරදිග රටවල් හයක සංචාරය කළ ගුවන් මගීන්ට ජූලි 01 වැනිදා සිට මෙරටට පැමිණිය නොහැකි බව ශ්‍රී ලංකා ගුවන් සේවය කියා සිටී.

ඒ අනුව සෞදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කටාර්, කුවේටය හා ඕමානයේ සංචාරය කළ ලාංකිකයින් ඇතුළු වෙනත් මගීන්ට මෙම තහනම පනවා ඇත.

එය ලබන 13 වැනිදා තෙක් බලපැවැත්වෙන අතර ඒ සම්බන්ධයෙන් සියලු දෙස් විදෙස් ගුවන් සමාගම් වෙත දන්වා ඇතැයිද එම අධිකාරිය කියා සිටී.

කොවිඩ් වැලැක්වීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය ලබා දුන් උපදෙස් අනුව සිවිල් ගුවන් සේවා අධිකාරිය මෙම පියවර ගෙන ඇත.