අමෙරිකානු ප්‍රහාරයකින් ඉරාන හමුදා ප්‍රධානියා මියයෑමෙන් පසු උද්ගතවී ඇති තත්ත්වය හමුවේ ප්‍රංශයේ සහ බ්‍රිතාන්‍යයේ සහාය අමෙරිකාවට හිමිවෙයි.
අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පවතින තත්ත්වය සම්බන්ධයෙන් ප්‍රංශ ජනපති එම්මානුවෙල් මැක්‍රොන් සහ බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් යන මහත්වරුන් සමඟ දුරකථන සංවාද පවත්වා තිබේ.
හමුදා ප්‍රධානියා මියයෑම සම්බන්ධයෙන් ඉරානය පළිගැනීමට උත්සාහ කළහොත් දැනට පවතින අස්ථාවර තත්ත්වය තවදුරටත් තීව්‍ර විය හැකි බව ප්‍රංශ ජනපතිවරයා මෙහිදී සඳහන් කර ඇත.
ඉරානය සංවරව ක්‍රියාකළ යුතු බවත් ඔහු අවධාරණය කර තිබේ.
අමෙරිකානු ප්‍රහාරයෙන් මියගිය ඉරාන හමුදා ප්‍රධානියා දහස් ගණන් අහිංසක සිවිල් ජනතාවගේ සහ බටහිර පුද්ගලයින්ගේ මරණවලට නායකත්වය දුන් ක්‍රියාවල නිතර වූ බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා මෙහිදී ප්‍රකාශ කර ඇත.
-226-
(එන්.එච්.කේ. ඇසුරෙනි)

