පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති සහ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ සේවිකාවන්ට සිදුවන්නේ යැයි කියන අඩන්තේට්ටම් සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීම අධිකරණ ක්ෂේත්‍රයේ පිරිසකගෙන් සමන්විත බාහිර විමර්ශන කණ්ඩායමකට පැවරීමට පාර්ලිමේන්තු ප්‍රධානීන්ගේ අවධානය යොමු වී ඇත.
මේ සිද්ධීන් සම්බන්ධයෙන් බාහිර පාර්ශ්වයක් මැදිහත් කරවාගෙන විමර්ශනයක් පවත්වන ලෙස සේවකයන් පිරිසක් කතානායකවරයාගෙන් සහ රජයේ මැති ඇමැතිවරුන්ගෙන් දැනටමත් ඉල්ලීමක් කර ඇත.
සිද්ධිය ගැන අපක්ෂපාතී විධිමත් විමර්ශනයක් පැවැත්විය යුතු බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තු ප්‍රධානීන්ට දැනුම් දී ඇත.
මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් මූලික විමර්ශන පැවැත්වීමට පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා විසින් කමිටුවක් පසුගියදා පත් කරනු ලැබීය.
පාර්ලිමේන්තුවේ පරිපාලන කටයුතු භාර අධ්‍යක්ෂිකා ඉන්දිරා දිසානායක මහත්මිය පැවැත් වූ එම පරීක්ෂණයේ වාර්තාවද පාර්ලිමේන්තු ප්‍රධානීන්ට බාර දෙනු ලැබ ඇත.
එම වාර්තාවද පදනම් කරගෙ සිද්ධිය බාහිර විමර්ශනයකට යොමු කෙරෙනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග වලින් පැවසේ.