
(සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තුවේ ආහාර වේලට සලාද කොළ එකතු කිරීම තාවකාලිකව නතර වී ඇතැයි වාර්තා වේ
පාර්ලිමේන්තු මුළුතැන්ගෙයි අපිරිසුදුතාව හේතුවෙන් සලාද කොළ අනුභව කිරීම නතර කළ බවට කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා කළ ප්‍රකාශයෙන් පසුව සලාද සකස් කිරීම මෙසේ නතර කර ඇත
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන පාර්ලිමේන්තු සේවකයන් පවසන්නේ එම ප්‍රකාශය කළ දිනෙන් පසු දින සිට සලාද කොළ සැපයීම නතර කෙරුණු බවයි
එදින සිට මේ දක්වාම සලාද කොළ නොලැබුණු බවද ඔවුහු සඳහන් කරති.
මේ අතර පාර්ලිමේන්තුවේ මුළුතැන්ගේ අඩුපාඩු නිවැරදි කිරීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට කතානායකවරයා විසින් විශේෂ කමිටුවක් පත් කරනු ලැබ ඇත. මෙම කමිටුවට එම මුළුතැන් ගේ භාර ප්‍රධානීන්ම පත්කිරීම සම්බන්ධයෙන් බොහෝ දෙනා නොසතුට පළ කරති.
කතානායකවරයා පසුගියදා පොළොන්නරුවේ පැවිදි රැස්වීමකදී ප්‍රකාශයක් කරමින් පැවසුවේ පාර්ලිමේන්තු මුළුතැන්ගේ ඉතාම අපිරිසුදු ස්ථානයක් බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ වාර්තාවෙන් පැහැදිලි වන බවයි.

