
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
රුහුණු විශ්වවිද්‍යාලයේ සම සෞඛ්‍ය පීඨයේ 17 වන කාණ්ඩායමේ සිසුන්ගේ අධ්‍යයන කටයුතු, තාවකාලික පදනමින් හෝ අවශ්‍ය මානව සම්පත ලබාගෙන ආරම්භ කරන ලෙස අධ්‍යාපනය, ශ්‍රම බලකාය සහ මානව ප්‍රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව රුහුණු විශ්වවිද්‍යාලයේ වැඩබලන උපකුලපතිවරයා ඇතුළු අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
2023 අ.පො.ස. (උසස්පෙල) විභාගයට පෙනී සිට විශ්වවිද්‍යාල වරම් ලැබූ ශිෂ්‍යයන්, රුහුණ සම සෞඛ්‍ය පීඨයට තේරී පත්වී වසරකට අධික කාලයක් ගත වී තිබෙන නමුත් සම සෞඛ්‍ය පීඨයේ පවතින මානව සම්පත් හිඟය හේතුවෙන් මේ දක්වා එකී ශිෂ්‍ය කණ්ඩායම වෙනුවෙන් අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට අපොහොසත් වී ඇති බව විශ්වවිද්‍යාල බලධාරීහු පෙන්වා දුන්හ.
මේ පිළිබඳ කරුණු සාකච්ඡා වූයේ අධ්‍යාපනය, ශ්‍රම බලකාය සහ මානව ප්‍රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේතුන්වේදී රැස්වූ අවස්ථාවේදීය.
මෙම රැස්වීමට විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාද සහභාගි විය.

