(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මන්ත්‍රීවරුන් පිරිසක් පාර්ලිමේන්තු සභා ගර්භයේදී සහ පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පසුගිය අප්‍රේල් මස 21 වැනිදා සිදුවූ ගුටිබැට හුවමාරුව සම්බන්ධයෙන් සොයා බලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට පත්කෙරුණු කමිටුවේ වාර්තාව කතානායකවරයාට ලබන සතියේදී බාරදීමට එම කමිටුව තීරණය කළේය.
මෙවැනි සිද්ධීන් යළි ඇති නොවීමට ගත යුතු ක්‍රියාමාර්ග කවරේද යන්න නිර්දේශ කිරීම සඳහා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් මෙම කමිටුව පත් කරනු ලැබුවේ පසුගිය අප්‍රේල් මස 23 වැනිදාය.
නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස අමාත්‍යවරුන්වන චමල් රාජපක්ෂ සහ කෙහෙළිය රඹුක්වැල්ල යන මහත්වරුද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන අනුර ප්‍රියදර්ශන යාපා ,ඉමිටියාස් බාකීර් මාකර් රංජිත් මද්දුමබණ්ඩාර, එම්.ඒ සුමන්දිරන් යන මහත්වරුද කටයුතු කරති.
මෙවැනි සිදුවීම්වලින් සමස්ත පාර්ලිමේන්තුවටම සිදුවිය හැකි අහිතකර තත්වය දීර්ඝ වශයෙන් සලකා බැලූ විමර්ශන කමිටුව ඉදිරියේදී මෙවැනි තත්වයන් ඇතිවීම වැළැක්වීමට පාර්ලිමේන්තුවක් ලෙස ගත හැකි කෙටිකාලීන සහ දිගුකාලීන පියවර පිළිබඳවද දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත.
මේ සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ වාර්තාවක් කතානායකවරයාට ලබන සතියේදී බාර දීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තුවේ සහකාර මහලේකම් ටිකිරි ජයතිලක මහතා පැවසීය.

