(නිමල කොඩිතුවක්කු)
පළාත් සභා මැතිවරණය පැරණි ක‍්‍රමයට පවත්වනවාට තම පක්ෂයේ කිසිඳු විරුද්ධත්වයක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩබ්.ඞී.ජේ සෙනෙවිරත්න මහතා කොළඹදී පැවැසීය.
ජනතාවට අවශ්‍ය කුමන ආකාරයෙන් හෝ පළාත් සභා මැතිවරණය පැවැත්වීම බවත් බොරු හේතු මවා පාමින් පළාත් සභා මැතිවරණය මඟ හැරීමට ආණ්ඩුවට කිසිඳු අයිතියක් නොමැති බවත් සෙනෙවිරත්න මහතා සඳහන් කළේය.
විපක්ෂනායක කාර්‍යාලයේ අද (30) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.