මැතිවරණය කල් දැමීම ගැන විවාදයක් ලබාදෙන්න බෑ


(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

මැතිවරණය කල් දැමීම  සම්බන්ධයෙන් විපක්ෂය ඉල්ලූ විවාදය ලබාදීමට  පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී ආණ්ඩු පක්ෂය එකඟවී නොමැත.

මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (21)  පස්වරුවේ රැස්විය.

මැතිවරණය කල් දැමීම සම්බන්ධයෙන් දිනක විවාදයක් ලබා දෙන්නැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ දී අද කතානායකවරයාගෙන් ඉල්ලීමක් කළේය. පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීම පැවැත්වුණේ ඒ අනුවය.