මැණික්-මුදල් කොල්ල කෑ කොස්තාපල් ඇතුළු තුනක් මාට්ටු


(ගයාන් සූරියආරච්චි)

තංගල්ල ප්‍රදේශයේ මැණික් හා ස්වර්ණාභරණ ආයතනයක් බිද රුපියල් තුන්කෝටි හතළිස් හය ලක්ෂයක් වටිනා රන්බඩු, මැණික් සහ විදේශ මුදල් ළගතබා ගත් බව කියන නාරාහේන්පිට පොලිස් ස්ථානයට අනුයුක්ත කොස්තාපල්වරයකු ඇතුළු තිදෙනකු අත්අඩංගුවට ගත් බව තංගල්ල පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ නාරාහේන්පිට පොලිසියට අනුයුක්ත කොළඹ දකුණ III  සහකාර පොලිස් අධිකාරී කාර්යාලයේ රාජකාරී කරනු ලබන කොස්තාපල්වරයකු (23), කිරම බටගස්ස ප්‍ර දේශයේ පදිංචි (27) පුද්ගලයකු සහ කිරම, වෙළෙදගොඩ ප්‍ර දේශයේ පදිංචි (22) හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය පවසයි.

සැකකරුවන් විසින් සොරාගන්නා ලද දේපොළ වලින් කොටසක් ද පොලිසිය සොයාගෙන ඇත.