( හිරාන් ප්‍රියංකර ජයසිංහ)
මදුරන්කුලිය කරිකට්ටිය ප්‍රදේශයේ දී ඊයේ (25) සිදුවු මාරක අනතුරකින් සිව්දරු මවක් අවාසනාවන්ත ලෙස පුත්තලම මූලික රෝහලට ඇතුලත් කරන විට මරණයට පත්ව ඇති බව පොලිසිය පවසයි.
මෙලෙස මරණයට පත්ව ඇත්තේ මදුරන්කුලිය කරිකට්ටිය පදිංචි සිව්දරු මවක් වු ගොඩපිටිඉගේ රොමේෂා නිලන්තී නැමති 49 හැවිරිදි කාන්තාවකි.
නිවසට ගමන් කරමින් සිටියදී පසුපසින් පැමිණි මාළු ප්‍රවාහනය කරනු ලබන කැබ් රථයක් මොවුන් ගමන් කල යතුරු පැදිය යට කරමින් ගමන් කර ඇති බවයි.
එම අනතුරීන් බරපතල තුවාල ලබා සිටි සිව් දරු මව හා ඇය රැගෙන යමින් සිටි තැනැත්තාද පුත්තලම මූලික රෝහලට ඇතුලත් කර තිබුනද ඒ වන විටත් මෙම කාන්තාව මරණයට පත්ව සිටි බව කියයි.
පොලිසිය පවසන්නේ මරණයට පත්ව සිටි කාන්තාව මදුරන්කුලිය දෙස සිට යතුරු පැදියක නැගි ගමන් කරමින් සිටියදී ඒ දෙසින් අධීක වේගයෙන් පැමිනි මෙම මාළු ප්‍රවාහනය කල බෝලේරෝ වර්ග් කැබ් රථය මොවුන් යට කරමින් ගමන් කර ඇති බවයි.
මාළු ප්‍රවාහනය කල කැබ් රථ රියදුරාගේ නොසැලකිලිමත්කම හේතුවෙන් මෙම මාරක අනතුර සිදුව ඇති බවත් අනතුර සම්බන්ධයෙන් රියදුරු අත් අඩංගුවට ගෙන පුත්තලම අධීකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුනී.
මදුරන්කුලිය පොලිස්ථානාධිපති පොලිස් පරික්ෂක ගාමිණි වික්‍රමසිංහ මහතා ඇතුළු නිළධාරීන් පිරිස පරික්ෂණ සදහා එක්ව සිටිති.