(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බේරුවල ධීවර වරායට ඉකුත් දින 7 තුළ යාත්‍රා මගින් රැගෙන ආ මාළු කිලෝ 6 ලක්ෂයක් මීගමුවේ දී කරවල වෙළඳුන් සඳහා අලෙවි කළ බව ධීවර වරාය නීතිගත සංස්ථාවේ වැඩ වැඩබලන සාමාන්‍යාධිකාරි ජනක මුදලිගේ මහතා පැවසීය.
ඉකුත් මස 27 වැනි දින සිට ඊයේ 2 දින දක්වා යාත්‍රා 72 කින් කිලෝ 6 ලක්ෂ 36407 ක් මත්ස්‍ය තොග බේරුවල ධීවර වරාය වෙත ලැබී ඇතැයි මුදලිගේ මහතා පැවසීය.
පෑලියගොඩ මත්ස්‍ය තොග වෙළඳසැල සහ අනෙකුත් සියලුම මාළු වෙළඳසැල් වසා තිබීම හේතුවෙන් මාළු තොග අස්වැන්නෙන( 95%) ක් එලෙස කරවල සඳහා අලෙවි කළ බවත්, ඉතිරි 5% ධීවර සංස්ථාවට හා අනෙකුත් මාළු ව්‍යාපාරිකයින් සඳහා අලෙවි කළ බව මුදලිගේ මහතා වැඩිදුරටත් පැවසීය.

