(අමදෝරු අමරජිව)
ධිවර කටයුතු සදහා පුල්මුඩේ කලපුවකට ගොස් සිටියදි අකුණු සැර වැදි මියගිය දෙදෙනකුගේ මළ සිරුරු දෙකක් අද සොයාගත් බව පුල්මුඩේ පොලිසිය කියයි.
මියගිය දෙදෙනා පෙරදින පස්වරුවේ ඉස්සන් කොටුවට ගොස් වර්ෂාව නිසා ඒ අසල වාඩියක රැදි සිටියදි මෙලෙස අකුණු සැර වැදි ඇති බවට මුලික පොලිස් පරික්ෂණ වලින් අනාවරණය කරගෙන තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ පුල්මුඩේ කොට්ඨාස අංක 4 පදිංචිකරුවන් වන අබ්දුල් කාදර් අබුබකර් (71) හා අබ්දුල් අසීස් මර්සුක් (39) නැමැති අයයි.
මියගිය දෙදෙනා ආපසු නොපැමිණිම නිසා ඥාතීන් ගොස් බලද්දි අකුණුසැර වැදි මියගිය දෙදෙනාගේ මළ සිරුරු දැක මේ බව පොලිසියට දැනුම් දි තිබේ.

