මාලිමා ආණ්ඩුව පාර්ලිමේන්තු සම්ප්‍රදාය කඩනවා


(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

පාර්ලිමේන්තුවට යම් රෙගුලාසියක් ඉදිරිපත් කළ යුත්තේ අමාත්‍යවරයා හෝ නියෝජ්‍ය අමාත්‍යවරයා බවට සම්ප්‍රදායක් පැවතුණත් මාලිමා ආණ්ඩුව එය කඩා දමා තිබෙන බව  මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී රවුෆ් හකීම්  මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය.

මේ සභාවේ සම්ප්‍රදායන් අප රැකිය යුතුයි. අද රෙගුලාසි ඉදිරිපත් කරන විට ඇමති හෝ නියෝජ්‍ය ඇමති එය ඉදිරිපත් කළ යුතුයි.දැන් මේවා ඉදිරිපත් කළේ පසු පෙළ මන්ත්‍රීවරයෙක්.එතුමා ඒක හොඳට කළා. ඒක වෙනම කාරණයක්. මේ වගේ දේවල් කලාම විපක්ෂයේ අපට ප්‍රශ්නයක්වත් ඉදිරිපත් කරන්න බැරි  වෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් දූෂණ වංචා ගැන විගණනය කිරීම් සම්බන්ධ නියාමන කීපයක් ඉදිරිපත් කර තිබෙනවා.මේ රජය ජනතාව දුන්න වරම ආරක්ෂා කළ යුතුයි යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.