මාලිංගට එකම ඕවරයේදී ලෝක වාර්තා තුනක්


ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර දැන් පැවැත්වෙන විස්සයි-20 තරගයේදී පිට පිටම යැවූ පන්දු 4 කින් කඩුලු 4 ක් දවාගත් ලසිත් මාලිංග එවන් දස්මක් කළ ලොව පළමුවැනි ක්‍රීඩකයා ලෙසින් ක්‍රිකට් ඉතිහාසයට එක්විය. 

ඒ සමගම කඩුලු ත්‍රිත්වයක් ද ලබාගත් මාලිංග විස්සයි-20 අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාවේදී කඩුලු ත්‍රිත්ව දෙකකට හිමිකම් කී ලොව පළමු වැනි ක්‍රීඩකයා ලෙසින්ද ඉතිහාසගත විය. 

අද තරගයේදී කොලින් මුන්රෝ දවාගැනීමත් සමගම විස්සයි-20 අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාවේදී කඩුලු 100 ක් ලබාගත් ලෝකයේ පළමුවැනි පන්දු යවන්නා ලෙසින් ලසිත් මාලිංග ක්‍රිකට් ඉතිහාසයට එක්විය. 

වැඩි විස්තර සඳහා www.kelimandala.lk  වෙත පිවිසෙන්න