මාලදිවයිනේ හිටපු ජනපතිටත් කොරෝනා


මාලදිවයිනේ හිටපු ජනාධිපති මවුමුන් අබ්දුල් ගයුම් හට කොවිඩ්-19 වෛරසය ආසාදනය වි ඇතැයි නිව්ස් එයිටීන් පුවත්සේවය අද (26) වාර්තා කළේය.
 
සිදුකළ කොවිඩ්-19 පරික්ෂාවක දි තමන් ආසාදිතයෙකු ලෙස තහවුරු වි ඇති බව හිටපු ජනාධිපතිවරයා සිය ටිව්ටර් ගිණුම ඔස්සේ සටහනක් තබමින් සඳහන් කර ඇත.
 
හිටපු ජනාධිපතිවරයා ස්වයං නිරෝධායනය සඳහා යොමු වි ඇති බව ද විදෙස් වාර්තා සඳහන් කරයි.
 
මාලදිවයිනෙන් කොවිඩ්-19 ආසාදිතයින් 7047ක් වාර්තාවන අතර මරණ 28 ක් සිදුව තිබේ.
 
( නිව්ස් එයිටීන් ඇසුරෙනි )