(ප‍්‍රදීප් කුමාර)
මුලතිව් මාන්කුලම් රෝහල් භූමියෙන් මිනිස් අස්ථි කොටස් කීපයක් හමුවීමත් සමඟ එම ස්ථානයේ කැනීම් සිදු කරන ලෙස මුලතිව් මහේස්ත‍්‍රාත් එස් ලෙනින්කුමාර් මහතා විසින් අද (12) පොලීසියට නියෝග කර තිබේ.
මාන්කුලම් රෝහලේ ගොඩනැගිල්ලක් ඉදිකිරීමට කැනීම් සිදුකළ අවස්ථාවේ යකඩ මතුවීමෙන් එම ස්ථානයේ බෝම්බ ඇති බවට සැක පළ වී ඇත.
ඒ අනුව බෝම්බ ඉවත් කිරීමේ කණ්ඩායමක් රෝහල් භූමියට කැඳවා සිදු කළ පරීක්ෂණයක දී එම ස්ථානයෙන් හමුවී ඇත්තේ මිනිස් අස්ථි කොටස් කීපයකී.
ඒ අනුව ඒ පිළිබඳව මාන්කුලම් පොලීසියට දැනුම් දීමෙන් පසුව පොලීසිය පැමිණ අස්ථි කොටස් නිරීක්ෂණය කර වාර්තාව මුලතිව් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු මිනිස් අස්ථි කොටස් හා භූමිය පරීක්ෂා කිරීම සඳහා මහේස්ත‍්‍රාත්වරයා එම ස්ථානයට පැමිණ තිබේ
ඒ අනුව මහේස්ත‍්‍රාත්වරයාගේ නියෝග මත පොලීසිය එම ස්ථානය ආරක්ෂිත ස්ථානයක් බවට පත් කර එහි කැනීම් කටයුතු සිදු කිරීමට අවශ්‍ය මුලික පියවර ගෙන තිබේ


