(නිමන්ති රණසිංහ)
ප්‍රකාශයක් ලබාගැනීමට යැයි සඳහන් කරමින් පුවත්පත් කතුවරුන් ඇතුළු මාධ්‍යවේදීන් කිහිප දෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීමට නියෝග දුන් එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ නියමයෙන් අද (30) විශේෂ විමර්ශනයක් ආරම්භ වූ බව පොලිස් මූලස්ථානය පවසයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වෘත්තීමයභාවයට කැළලක් වන අන්දමින් වගකීම් විරහිතව හා නොසැලකිළිමත් ලෙස කටයුතු කර ඇති මෙම නිලධාරීන් සම්බන්ධයෙන් අදාළ විමර්ශනය ආරම්භ කර ඇතැයි ද පොලිස් මූලස්ථානය සදහන් කරයි.
පොලිස් මූලස්ථානය මේ බව සදහන් කර ඇත්තේ ඊයේ (30) පෙරවරුවේ නිවේදනයක් නිකුත් කරමිනි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පවත්වාගෙන යනු ලබන විමර්ශනයකට අදාළව ප්‍රකාශ ලබා ගැනීම සදහා මාධ්‍ය ආයතන කිහිපයක කර්තෘවරුන් ඇතු`ථ මාධ්‍යවේදීන් කිහිප දෙනකු එම දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙසට දන්වා යවා තිබීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සාමාන්‍ය කාර්ය පටිපාටිය නොවන බව ද පොලිස් මූලස්ථානය නිකුත් කළ නිවේදනයේ සදහන් වෙයි.
ඒ අනුව, කිසියම් විමර්ශනයක් සඳහා මාධ්‍යයක සහය ඉල්ලා සිටි අවස්ථාවලදී පුවත්පත් කර්තෘවරු එම දෙපාර්තමේන්තුව වෙත කැඳවීම සාමාන්‍යයෙන් සිදුනොවන බවත්, එම සිදුවීමේ දී අපහසුතාවයට පත් වු පුවත්පත් කතෘවරුන් ඇතුළු මාධ්‍යවේදීන් වෙත කණගාටුව පළ කරන බවත් පොලිස් මූලස්ථානය එම නිවේදනයෙන් වැඩිදුරටත් සදහන් කර ඇත.

