මාදුරුඔය ගුවන් අනතුරින් 6 දෙනකුගේ දිවි අහිමි වෙති


(නිමල් ජයරත්න)

මාදුරුඔය ජලාශයට  අද (09) උදෑසන කඩාවැටුණු ගුවන් හමුදාවට අයත් බෙල් 212 හෙලිකොප්ටර් යානයේ සිටි හමුදා සෙබළුන් 6දෙනෙකු මියගොස්  ඇතැයි පොලීසිය කියයි.

මෙම අනතුරින් ගුවන් හමුදා හෙලිකොප්ටර් භටයින් දෙදෙනෙකු සහ හමුදා විශේෂ බළකායේ භටයින් සිවි දෙනකු  මියගොස් ඇතැයි ද එම ආරංචි මාර්ග පවසයි . 

මාදුරුඔ‍ය යුද හමුදා කඳවුරේ විශේෂ කාර්ය බළකායේ විසිර යාම උත්සවයේ පුහුණුවීම් ක්‍රියාවලිය සඳහා පිටත් වූ ශ්‍රීලංකා ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් යානයක් මෙලෙස  හදිසි අනතුරකට ලක්විණි.

විසිරයාමේ උත්සවයද  මේවන විට තාවකාලිකව නවත්වා දමා තිබේ .

(ඡායාරූප: නිමල් ජයරත්න)


(ඡායාරූප: වසන්ත චන්ද්‍රපාල)

අනතුරින් මියගිය හමුදා සාමාජිකයින්

 


විසිරයාම උත්සවයට සුදානම්වනඅයුරු ,හෙලිකොප්ටරය කඩා වැටුණු පසු   උත්සව භූමියේ කලබලකාරී ස්වාභාවය සහ අනතුරුව සහයට පැමිනි හෙලිකොප්ටර් යානය ඡායාරූපලින් දැක්වෙයි.

 ( ඡායාරූප -ජයමාල් චන්ද්‍රසිරි)