මාතර පරමුල්ල වෙරළ තීරයේ කැස්බෑ බිත්තර සෙවු අයෙක් කැස්බෑ බිත්තර සමඟ අත්අඩංගුවට



(තරංග ගුණරත්න)
 
වැලිගම මිරිස්ස වනජීවි කාර්යාලයේ නිලධාරීන් විසින් (01 ) දින  මාතර පරමුල්ල  පෙදෙසෙහි වෙරළ තීරයේ සිදුකළ මුර සංචාරයකදී  කැස්බෑ බිත්තර 113  සමඟ   සැකපිට සැකකරු  දෙදෙනකු  අත්අඩංගුවට ගත්බව  මිරිස්ස වනජීවි කාර්යාලය පවසයි.

සැකකරුවන් මාතර  පඹුරණ පෙදෙසෙහි පදිංචි 57, 59 වයසේ  දෙදෙනකු වන අතර ඔවුන්   අද (01)  මාතර  මහෙස්ත්‍රාත්  අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

එම නිලධාරීන්   මිරිස්ස වනජීවි කාර්යාලය පරික්ෂණ සිදුකරයි .