(නිමන්ති රණසිංහ)
ඩුබායිහි අත්අඩංගුවේ සිටින පාතාල නායක මාකඳුරේ මධූෂ් මෙරටට පිටුවහල් කරනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් වූ තීන්දුව ඩුබායි අධිකරණය මැයි මස 02 වැනිදා තෙක් කල් තබා ඇතැයි පොලීසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ලංකාදීපයට අද (18) පැවසීය.
තමන්ට ජීවිත තර්ජන ඇති තම මව් රට වූ ශ්‍රී ලංකාවට පිටුවහල් නොකරන ලෙසට ඉල්ලා මාකඳුරේ මධූෂ් නැමැත්තා එරට අධිකරණය වෙත ඉදිරිපත් කර තිබූ අභියාචනය අද(18) එරට අධිකරණය ඉදිරියේ සැලකිල්ලට ගෙන ඇති බවත් එහිදී මෙම නියෝගය ලබා දී ඇති බවත් එම නිලධාරීයා වැඩිදුරටත් පැවසීය.

