(නිමන්ති රණසිංහ සහ රංජිත් කරුණාවීර)
ඌව පළාත් ආණ්ඩුකාරවරයා හා පළාත් පාලන කොමසාරිස්වරයා විසින් මහියංගණ ප‍්‍රාදේශිය සභාවේ සභාපතිවරයා එම තනතුරෙන් ඉවත් කිරීමට ගත් ක‍්‍රමවේදය නිවැරදි බවට තීන්දු කළ බදුල්ල පළාත්බද මහාධිකරණ විනිසුරු රවීන්ද්‍ර පේ‍්‍රමරත්න මහතා එම සභාපතිවරයාගේ ධූර කාලය ඉකුත් වසරේ දෙසැම්බර් මස 22 සිට අහිමි වූ බවට අද තීන්දු කළේය.
ඌව පළාත් ආණ්ඩුකාරවරයා සහ පළාත් පාලන කොමසාරිස්වරයා තමන් එම තනතුරින් ඉවත් කිරීමේ ක‍්‍රමවේදය වැරදි සහගත එකක් බව සදහන් කරමින් මහියංගණ ප‍්‍රාදේශීය සභාවේ සභාපති කරූ විරරත්න මහතා බදුල්ල පළාත්බද මහාධිකරණයේ ඉදිරිපත් කළ පෙත්සමක් විභාගයට ගත් අධිකරණය එහි තීන්දුව ප‍්‍රකාශයට පත් කරමින් මෙසේ තීන්දු කළේය.
ඒ අනුව මහියංගන ප‍්‍රාදේශිය සභාවේ වැඩබලන උප සභාපති ලෙස ඊ.එම්. සම්පත් ඒකනායක මහතා හට සභාපති නිලයේ බළය පැවරෙන අතර, පළාත් පාලන පනත අනුව ඉදිරි දින 14ක් ඇතුලත ඡන්ද විමසීමක් සිදු කර නැවත සභාපතිවරයකු පරත්කර ගැනීම සිදු කිරිමට නියමිතව ඇත. ඒ සදහා ඌප පළාත් පාලන කොමසාරික් කාර්යාලයේදී අද විශේෂ සාකච්ඡාවක්ද පැවැත්විණි.

