අජන්ත කුමාර අගලකඩ
අගමැති මහින්ද රාජපක්ෂ මහතාට අවශ්‍ය සහාය සලසන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කතානායක කරු ජයසූරිය මහතාගෙන් අද (31) පස්වරුවේ ඉල්ලීමක් කර ඇතැයි වාර්තාවේ.
කතානායක කරු ජයසූරිය මහතා අද පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපතිවරයා හමුවූ අවස්ථාවේ දී ජනාධිපතිවරයා මෙම ඉල්ලීම කර ඇතැයි දැනගන්නට තිබේ.
ජනාධිපතිවරයාගේ ඉල්ලීම සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති කතානායකවරයා තමා ඒ පිළිබඳව සොයා බලා අවශ්‍ය පියවර ගන්නා බව සඳහන් කළ බවද වාර්තාවේ.
පාර්ලිමේන්තුව කැඳවන්නැයි කතානායකවරයා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක්ද කර ඇත.
ඒ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති ජනාධිපතිවරයා පවතින වාතාවරණය හොඳ තත්ත්වයට පත්වූ පසුව ඒ පිළිබඳවසලකා බලන බව ප්‍රකාශ කළ බව ද දැනගන්නට තිබේ.
මහින්දට සහාය දෙන්නැයි ජනපති මෛත්‍රී කතානායකගෙන් ඉල්ලයි
Recommended Articles