මහින්දට බහුතරය හරි බව ගෝඨා කියයි


අජිත්ලාල් ශාන්තඋදය සහ ජයන්ත නානායක්කාර

පාර්ලිමේන්තුව කවදා රැස් කළත් දැන් අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාට පාර්ලිමේන්තුවේ බහුතරය හරි බව අද (2) සවස හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඇඹිලිපිටියේ දී පැවසීය.

අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු සහෝදර සහෝදරින්ගේ මෑණියන් වූ දෝන දන්දිනා සමරසිංහ මාතාවගේ තිස්තුන්වන ගුණ සමරුම සවස ඇඹිලිපිටිය ඩී.ඒ.රාජපක්‍ෂ අනුස්මරණ කේන්ද්‍රයේ දී පැවති උත්සවයකදී මෙසේ පැවසීය.

තමන් අරලියගහ මන්දිරයට ගොස් අගමැතිවරයා හමුවූයේ අග‍්‍රාමාත්‍යවරයා සහ ජනාධිපතිවරයා වෙනුවෙන් ලැබුණු ආරාධනාවකට බවත් අරලියගහ මන්දිරය සම්බන්ධයෙන් ඇතිවී තිබෙන ගැටලූව සහ අගමැතිවරයාගේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් ඇති ගැටලූ සාකච්ඡා කර ගැටලූවකින් තොරව ප‍්‍රශ්නය විසඳා ගැනීමට බව කීවේය.