
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ආරක්ෂා කිරීමේ වගකීමෙන් මිදෙන්න මේ ආණ්ඩුවට හැකියාවක් නැති බව ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චානක සම්පත් මාදුගොඩ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැවසීය.
ක්‍රීඩා උත්තේජක පනත සම්බන්ධයෙන් පොදු ජන පෙරමුණේ එකඟත්වය පළ කරනවා.මහින්ද රාජපක්ෂ මහතාගේ වෙඩි නොවදින රථය නැවත ලබාදීම සම්බන්ධයෙන් මහජන ආරක්ෂක ඇමතිවරයා කතා කළා. මහින්ද රාජපක්ෂ කියන්නේ යුද්ධයකින් යුද්ධය අවසන් කළ ලෝකයේ එකම නායකයා.මේ නායකයාට තිබෙන අනතුර ගැන අමුතුවෙන් කිව යුතු නැහැ.එතුමා ආරක්ෂා කිරීමේ වගකීමෙන් මිදෙන්න මේ ආණ්ඩුවට බෑ.
මේ පනත් කෙටුම්පත ගෙනෙන්න පරක්කු වීම නිසා රටට අහිමි වූ දේවල් වල වගකීමත් රජය විසින් බාරගත යුතුයි.අද ක්‍රීඩා උපකරණ මිල ගණන් නිසා පාසල් ක්‍රීඩකයන් මෙන්ම වෙනත් ක්‍රීඩකයන්ට ක්‍රීඩා කිරීමේ හැකියාව නැති වෙලා තියෙනවා.රුපියල් 5000ට තිබූ වොලිබෝලය අද රුපියල් දොළොස්දාහයි. ක්‍රීඩාවට යොමු වන කුඩා දරුවාට අද ක්‍රීඩාවේ රැඳී සිටින්නට බැරි තත්ත්වයකට පත්වෙලා. ඒ නිසා ක්‍රීඩා භාණ්ඩ වලට ගැසූ බදු මුදල් ඉවත් කරන ලෙස අප ඉල්ලා සිටිනවා.

