මහින්ද බලන්න මහින්දත් එයි


(සුජිත් හේවාජුලිගේ)

හිටපු අමාත්‍ය මහින්ද අමරවීර මහතාද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සුව දුක් බැලීමට තංගල්ලේ කාල්ටන් නිවසට අද පැමිණියේය

හිටපු ජනාධිපතිවරයාගේ සුව දුක් බැලීමට බොහෝ දේශපාලඥයන් මෙන්ම හිටපු ජනාධිපතිවරයාට ආදරය කරන ජනතාව කාල්ටන්  නිවසට දිනපතා පැමිණෙමින් සිටිති.

හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්භක සම්මත  වීමෙන් පසු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කොළඹ විජේරාම මාවතේ රජයේ  නිල නිවසින් ඉවත්වී  තංගල්ලේ කාල්ටන් නිවසට පැමිණියේය.

මෙහිදී අදහස් දැක්වූ මහින්ද මහින්ද අමරවීර මහතා පැවසුවේ මහින්ද රාජපක්ෂ කියන්නේ යුගයක් නිර්මාණය කළ නායකයකු බවයි.