මහවැලි කළමනාකාරවරයා අල්ලස් ගනිද්දී මාට්ටු


(නිමල් ජයරත්න)

පර්චස් විස්සකින් යුත් ගොඩ ඉඩමක් මාරු කරදීම සඳහා රුපියල් 20,000 අල්ලස් මුදලක් ලබාගත්, ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් මහවැලි බි කලාපයේ වැලිකන්ද සඳුන්පිටිය ඒකක කළමනාකාරවරයා කොළඹ අල්ලස් හා දූෂණ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් පුද්ගලයා නීතිමය කටයුතු සඳහා පොලිසියට භාරදීමට කටයුතු කරන බවද අල්ලස් දූෂණ විමර්ශන අංශයේ නිලධාරියෙක් සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් ඒකක කළමනාකාරවරයා, මහවැලි බි කලාපයේ ස්ථාන කිහිපයක ඒකක කළමනාකාරවරයකු ලෙස රාජකාරී කරමින් සිටියදී විවිධ පුද්ගලයන්ගෙන් ඉඩම් මාරු කිරීම, සහ බලපත්‍ර සකසා දීමට, මෙන්ම ඉඩම් පෙන්වීමට අල්ලස් ලබාගෙන ඇති බවට චෝදනා ලැබ හිටි අයෙකි.