(සුජිත් හේවාජුලිගේ)
ලංකා ගමනාගමන මණ්ඩලයේ මහනුවර ප්‍රාදේශිකයේ ඩිපෝ හතකට අයත් බස් රථ 566කින් 226කට වායු විමෝචන සහතික ලබාගෙන නොතිබූ බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්වේ.
ලංකා ගමන ගමනාගමන මණ්ඩලයේ බස් රථ විශාල සංඛ්‍යාවකට ආදායම් බලපත්‍ර ලබා ගැනීමේදීද වායු විමෝචන සහතික( දුම් සහතික) ඉදිරිපත් කර නොතිබූ බව එම වාර්තාවේ දැක්වේ.
මෙලෙස දුම් සහතික නොගැනීමේ ප්‍රතිඵලයක් ලෙස අහිතකර වායු සහ බැර ලෝහ පරිසරයට නිකුත් කිරීමෙන් පරිසර දූෂණය ඉහළ යා හැකි බව ජාතික විගණන කාර්යාලය පෙන්වා දෙයි.
ලංගම බස් රථ සඳහාද කලට වෙලාවට දුම් සහතික ලබාගත යුතු බවට විගණන අංශ නිර්දේශ කර ඇත
මේ තොරතුරු සඳහන් වන්නේ ජාතික විගණන කාර්යාලයේ 2023 වාර්ෂික වාර්තාවේය.