මහනුවර කච්චේරියට බෝම්බ බියක්


(ජේ.ඒ.එල්.ජයසිංහ සහ ෂේන් සෙනවිරත්න)

මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ බෝම්බයක් ඇතැයි  කිසියම්  අයකු ලබා දුන්  තොරතුරක් මත  දිස්ත්‍රික් ලේකම් කාර්යාලය  සම්පූර්ණ අද විශේෂ  සෝදිසියකට  ලක්  කළේය.

මේ සම්බන්ධව මහනුවර පොලිස් මූලස්ථානයේ වැඩ බලන පොලිස් මූලස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එම් .බී .ගන්නෑව මහතාගෙන් විමසීමේදී  ,බෝම්බයක්  ඇති බවට ලද  , තොරතුර මත  මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යල පරිශ්‍රය  යුද හමුදාව සහ පොලීසිය මෙන්ම බෝම්බ සම්බන්ධව  විශේෂයෙන් පුහුණු කරන ලද  නිල සුනඛයන්ද  යොදවා පරීක්ෂා කළා. නමුත බෝම්බයක් හෝ පුපුරණ ද්‍රව්‍යයක් හමු වුයේ නෑ.

කෙසේ වෙතත්  අවශ්‍ය ආරක්ෂාව යොදවා    ලැබුණු සිද්ධිය පිළිබඳව  වැඩිදුර  පරීක්ෂණ  ආරම්භ කර තිබෙනවා.