
(මහින්ද නිශ්ශංක )
දුම්රිය මාර්ගයේ ගිලා බැසීමක් හේතුවෙන් දුම්රිය ධාවනය ඇනහිට ඇති මහනුවර හා පේරාදෙනිය අතර දුම්රිය මගීන් ප්‍රවාහනය සදහා ශ්‍රී ලංගම බස්රථ යොදවා ඇතැයි දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පැවසීය.
මහනුවර උසාවි සංකීර්ණය ආසන්නයේ දූම්රිය මාර්ගයට යටින් සිදුරක් ආකාරයට මෙම ගිලා බැසීම සිදුව ඇති බවත් දෙපාර්තමේන්තුව සදහන් කරයි.
දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉල්ලීමක් අනුව මහනුවර හා පේරාදෙනිය අතර දුම්රිය මගීන් ප්‍රවාහනය කිරීම සඳහා මගී අවශ්‍යතා අනුව අද උදේ සිට ශ්‍රී ලංගම බස්රථ ධාවනයට එක්කර ඇතැයි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ මහනුවර ප්‍රාදේශීය කළමනාකාර සනත් ප්‍රසන්න මහතා පැවසීය.

