( නිමල කොඩිතුවක්කු)
ඉදිරි මහ මැතිවරණයේදී දෙමළ ප්‍රගතිශීලී සන්ධානය වන්නි සහ මඩකලපුව දිස්ත්‍රික්කවලට තරග කරන බව ඒ සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා ලංකාදීපයට පැවැසීය.
උතුරු නැගෙනහිර ජනතාවගෙන් ලැබුණු ඉල්ලීම් මත මේ තීරණය ගත් බවත් ඒ වෙනුවෙන් අශ්‍ය වැඩපිළිවෙල මේ දිනවල කරගෙන යන බවත් මනෝ ගනේෂන් මහතා සඳහන් කළේය.
දෙමළ ප්‍රගතිශීලී සන්ධානය, එක්සත් ජාතික පෙරමුණ හා එක්ව ඉදිරි මැතිවරණයට තරඟකරන්නේද යන්න සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නැති බව පැවසූ මන්ත්‍රීවරයා එක්සත් ජාතික පෙරමුණ සමග ඉදිරියේදී මේ සමබන්ධයෙන් සාකච්ඡා කරන බවත් පැවැසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා නායකත්වය දරන ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ, පාර්ලිමේන්තු මන්ත්‍රී පී. දිගම්බරන් මහතා නායකත්වය දරන ජාතික කම්කරු පෙරමුණ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී වී. රාධාක්‍රිෂ්ණන් මහතා නායකත්වය දරන කඳුරට ජනතා පෙරමුණ, යන පක්ෂ දෙමළ ප්‍රගතිශීලී සන්ධානය නියෝජනය කරයි.

