(අංජුල මහික වීරරත්න)
රටෙි භාණ්ඩාගාරයට සහ ආර්ථිකයට දැනටමත් 50%කට වැඩි බදු මගින් දායකත්වයක් දක්වන බැවින් බැංකු පද්ධතියට තවදුරටත් බරක් නොවන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මීට සුළු මොහොතකට පෙර ජනාධිපති මාධ්‍ය මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් පැවසීය.
මිලියන 57 ක් වන තැන්පත්කරුවන් ආරක්ෂා කරන බවද මහ බැංකු අධිපතිවරයා කීය.
දැනටමත් රැස්කර ඇති EPF අරමුදල්වලට අත නොතබන බවට සහතික වූ මහබැංකු අධිපතිවරයා අතර EPF සඳහා අවම වශයෙන් 9% පොලියක් සහතික කරන බව කීය.

