(ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)
මස්කෙළිය නගරයේ පිහිටි එකම ඉන්ධන පිරවුම් හලට දින නව කින් පෙට්‍රල් නොලැබුණු බව පවසමින් මස්කෙළිය ප්‍රදේශයේ ත්‍රීවිල් රථ රියදුරෝ මස්කෙළිය ඉන්ධන පිරවුම්හල ඉදිරිපිට ප්‍රධාන මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණයක නිරත වූහ.
මෙම උද්ඝෝෂකයෝ හැටන්-මස්කෙළිය හා හැටන් නෝටන්බ්‍රීජ් ප්‍රධාන මාර්ගය සම්පූර්ණයෙන් අවහිර කරමින් උද්ඝෝෂණයක නිරතව සිටීම නිසා එම මාර්ගයේ රථ වාහන ධාවනය පැය කිපයකට ඇණ හිටීමෙන් මගි ජනතාව දැඩි අපහසුතාවයකට පත් වූහ.
කුලී ගමන් යාමෙන් ජීවත්වන තමන්ගේ ජීවන වෘත්තීය පෙට්‍රල් නොමැතිවීමෙන් සම්පූර්ණයෙන් කඩා වැටී ඇති බවත්ය.