මල්වර උත්සවයකට ආ පිරිසක් පන්නා දමයි


(සුමතිපාල දීයගහගේ)

සෞඛ්‍ය උපදෙස් උල්ලංගණය කරමින් අහංගම ප්‍රදේශයේ අද (8) පැවැත්වෙමින් තිබු මල්වර උත්සවයක් තහනම් කළ බව අහංගම මහජන සෞඛ්‍ය පරික්ෂක එම් පී ගයාන් අසංක මහතා පවසයි.

ලැබුණ තොරතුරක් මත මහජන සෞඛ්‍ය පරික්ෂක ගයාන් අසංක මහතා එම මල්වර උත්සවය පැවති නිවසට යන විට පනස් දෙනකු පමන එම උත්සවයට සහභාගි සිට ඇති අතර ඔවුන් විසුරුවා හැරිමට මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා පියවර ගෙන තිබේ.

කොරෝනා වසංගතය මර්ධනය කිරීමේ සෞඛ්‍ය උපදෙස් උල්ලංගණය කිරිමේ චෝදනාව සම්බන්ධයෙන් මෙම නිවසේ හිමිකරුට විරුද්ධව නඩු පැවරිමට නියමිතව ඇත.