( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
ලබන සතිය අවසන් වනතුරු මරණ දඬුවම ක්‍රියාත්මක කරමින් තමන් යටතේ සිටින කිසිම පුද්ගලයකු එල්ලා මැරීම සිදු නොකිරීමට බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ජයසිරි විජේනාත් තෙන්නකොන් මහතා අද ( 28) අධිකරණය හමුවේ එකඟතාවය පළ කළේය.
මරණදඬුවම් ක්‍රියාත්මක කරමින් කිසිම පුද්ගලයකු එල්ලා මැරීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු පුවත්පත් කතුවරයකු ගොනු කළ රිට් පෙත්සම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ කරුණු දැක්වන්නැයි නියෝග කරමින් අභියාචනාධිකරණය අද (28) උදේ වරුවේ නීතිපතිට නොතීසි නිකුත් කළේය.
ඒ අනුව අද දවල් 2.30ට නීතිපතිට අධිකරණය හමුවේ පෙනී සිටියේය. නිතිපති වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ මහතා දන්වා සිටියේ ජනාධිපතිවරයා ගේ ක්‍රියාවක් අභියෝගයට ලක් කීරීමට අභියාචනාධිකරණයට අධිකරණ බලයක් නොමැති බවය.
කරුණු සැළකිල්ලට ගත් අභියාචනාධිකරණය ජුලි 2 වැනිදා මෙම පෙත්සම සම්බන්ධයෙන් කරුණු දැක්වීමට තීන්දු කළ අතර එදිනට නීතිපති මූලික විරෝධතාවයක් ඉදිරිපත් කරන බවද අධිකරණයට දැන්වීය.
(ඡායාරූප - ළහිරු හර්ෂණ)




