
(අජන්ත කුමාර අගලකඩ)
ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ එම්.සී.සී. ගිවිසුම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කැබිනට් මණ්ඩලයට ඊයේ (26) දැනුම් දී ඇත.
දකුණු ආසියාවේ සංචාරයක නිරත වන ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශයේ ආරාධනය මත ශ්‍රී ලංකාවට පැමිණෙන අතර එහි සැඟවුණු න්‍යාය පත්‍ර කිසිවක් නැති බවත් ජනාධිපතිවරයා ඊයේ (26) පැවැති කැබිනට් රැස්වීමේදී සඳහන් කර ඇත.
ශ්‍රී ලංකාව සහ ඇමෙරිකාව අතර පවතින බහුවිධ සබඳතා ශක්තිමත් කරගැනීම මෙම සංචාරයේ අරමුණ බව ද ජනාධිපතිවරයා පවසා ඇත.

