(නිමන්ති රණසිංහ)
කොළඹ ධර්මපාල මාවතේ නිවසකදී පෞද්ගලික රක්ෂණ සමාගම කළමණාකරුවකු ගෙල මිරිකා පිහියෙන් ඇන මරා දමන ලදැයි කියන හිටපු උප පොලිස් පරීක්ෂකවරයා හෙට (08) තෙක් රැඳවුම් නියෝග මත පොලිස් අත්අඩංගුවේ තැබීමට කොළඹ කොටුව වැඩබලන මහෙස්ත‍්‍රාත් ජයන්ත ඩයස් නානායක්කාර මහතා අද (07) කොම්පඤ්ඤවිදිය පොලිසිය වෙත අවසර ලබා දුන්නේය.
කොළඹ ජාතික රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටි මෙම සැකකරු නිරීක්ෂණය සඳහා රෝහල වෙත ගිය වැඩබලන මහේස්ත‍්‍රාත්වරාය මෙම නියෝගය නිකුත් කළේය.
ඒ අනුව මෙලෙස රැඳවුම් නියෝග නිකුත් වූයේ කොළඹ ධර්මපාල මාවතේ පිහිටි ඇනෙක්සියක තාවකාලිකව නවතාතැන්ගෙන සිටි පෞද්ගලික රක්ෂණ සමාගමක වත්කම් සැලසුම්කරුවකු වන ජයසූරිය ආරච්චිලාගේ රේවෝ ඩන්ස්ටන් ද සිල්වා 49 නැමැත්තාටය.
මෙම සිද්ධියෙන් ඝාතනය වී ඇත්තේ අතුරුගිරිය පාර හෝමාගම පදිංචිව සිටි ගලබඩ ආරච්චිගේ මනෝජ් සුදර්ශන පෙරේරා නැමැති 49 නැමැත්තාය.
මෙම මරණකරුද සැකකරු සේවය කළ පෞද්ගලික රක්ෂණ සමාගමේ වත්කම් සැලසුම්කරුවකු ලෙස සේවය කළ අයකු බවද සඳහන් වෙයි.
ඉකුත් 05 වැනිදා රාතී‍්‍රයේ මරණකරු සැකකරු පදිංචිව සිටි කොළඹ ධර්මපාල මාවතේ පිහිටි ඇනෙක්සිය වෙත ගොස් ඇත්තේ තවත් මිතුරකු ද සමඟ මෝටර් රථයකින් බවත් සැකකරුගෙන් විස්කි බෝතල් දෙකක් මිලදී ගැනීම සඳහා මරණකරු පිටත්ව ගොස් තිබූ බවත් පොලිසිය සඳහන් කර ඇත.

