
(රොමේෂ් මධුෂංඛ)
මන්නාරම මඩු පොලිස් වසමේ ඉරනේරුප්පුකුලම්, මාන්කෙන්ඩි ප්‍රදේශයේදී බිම්බෝම්බයක් පුපුරා යාමෙන් අවුරුදු 12 ක් වයසැති ළමුන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා අද (25) දින රෝහල්ගත කල බව මඩු පොලීසිය පවසයි.
මාන්කෙණ්ඩි ප්‍රදේශයේ කැලෑබද ප්‍රදේශයක අදාල ළමුන් දෙනො සෙල්ලම් කරමින් සිටියදී වළ දමා තිබූ අදාල බිම් බෝම්බය දැක ළමුන් දෙදෙනා විසින් බෝම්බය ගැලවීමට උත්සහ දැරූ අවස්ථාවේදී බිම් බෝම්බය පුපුරා ගොස් ඇති බවට පොලිස් මූලික පරීක්ෂණවලදී හෙළි වී ඇත.
බිම් බෝම්බය පුපුරා යාමෙන් බරපතල තුවාල ලැබූ ළමුන් දෙදෙනා මඩු පොලීසිය විසින් වව්නියාව මහරෝහලට ඇතුලත් කොට ඇති අතර එහිදී එක් ළමයෙකුගේ තත්වය බරපතල බවටද පොලීසිය පැවසීය.
යුද සමයේදී කොටි සංවිධානය විසින් අදාළ බිම්බෝම්බය වළ දමන්නට ඇති බවට සැක පල කරන අතර බිම් බෝම්බය පුපුරා යාමෙන් තුවාල ලබා ඇත්තේ මාන්කෙණ්ඩි ප්‍රදේශයේ පදිංචි 12 හැවිරිදි ළමුන් දෙදෙනෙකු බවට පරික්ෂණ සිදු කරන මඩු පොලීසිය වැඩිදුරටත් පැවසීය.

