මන්නාරම උසාවියට අරන් යද්දී වාහනයෙන් බිමට පැනලා


(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

වතුර බට සොරකමක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයකු පොලිස් කැබ් රථයකින් මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට රැගෙන යන අතරතුර එම පුද්ගලයා ධාවනය වෙමින් තිබූ එම රථයෙන් ඊයෙ 16 වෙනිදා දහවල් කාලයේ බිමට  පැනීම නිසා ඇදවැටීතුවාල ලබා මන්නාරම රෝහලට ඇතුළත් කරන ලදැයිපේසාලේ පොලීසිය පවසයි.

මෙම සැකකරු පොලිස් ආරක්ෂාව යටතේ රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවන බව පේසාලේ  පොලිසියේ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය

මොහු පේසාලේ ප්‍රදේශයේම පදිංචි අයෙකි.

පොලිස් කොස්තාපල් රියදුරකු විසින් පදවාගෙන ගිය මෙම කැබ් රථයේපොලිස් සැරයන්වරයෙකු  ද ගමන් කළ බව එම පොලිස් නිලධාරියා කීය.

මන්නාරම පේසාලේ පොලිසිය  මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි