
(නිහාල් වෙත්තසිංහ)
පාදුක්ක ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ පසුගියදා පැවැති සම්බන්ධිකරණ කමිටු රැස්වීමේදී කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පාදුක්ක ප්‍රාදේශිය සම්බන්ධිකරණ කමිටුවේ සභාපති ජගත් කුමාර සුමිත්‍රා ආරච්චි මහතාගේ නිල රථයට කුණු බිත්තර ගැසීම සහ හූ කීමට එරෙහිව අද (09) ප්‍රාදේශිය ලේකම් කාර්යාලය ඉදිරිපිටදී විරෝධතාවක් පැවැත්විණි.
පාදුක්ක සමෘද්ධි සංවර්ධන නිලධාරීයෝ සහ සමෘද්ධි සාමාජිකයෝ මෙලෙස උද්ඝෝෂණයේ නිරත වූහ.
ඉකුත් 07 වැනිදා පැවැති සම්බන්ධිකරණ කමිටුව පැවැත්වීමෙන් අනතුරුව පිටව යද්දී රැස්ව සිටි පිරිස් මන්ත්‍රීවරයාට හූ කියමින් විරෝධතාව දක්වා නිල රථයට කුණු බිත්තර ප්‍රහාර එල්ල කර තිබිණි.




