එකලස් කළ ජීප් රථයක් සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි පා.මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධනගේ බෑන මතුගම අධිකරණයට මීට සුළු මොහොතකට බාර විය.
පාමන්ත්‍රී ජගත් විතානගේ පුත් රසික විතාන පැදවූ ආන්දෝලනාත්මක ජීප් රථය සම්බන්ධයෙන් විමර්ශන සඳහා රෝහිත අබේගුණවර්ධන මහතාගේ බෑන පොලිසිය සොයමින් සිටියේයෙ
වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය අදාල ජීප් රථය සමග එය පැදවූ පා.මන්ත්‍රී ජගත් විතාන මතාගේ පුත් රසික විතාන අත්අඩංගුවට ගෙන දැනට රිමාන්ඩ් බාරයේ පසුවෙයි.
සැක ජීප් රථය සම්බන්ධයෙන් සිදු කළ පරීක්ෂා කළ පොලිසිය අනාවරණ කරගෙන ඇත්තේ එය නීතිවිරෝධී අයුරින් ගෙන්වා පසුව ව්‍යාජ දත්ත ඉදිරිපත් කර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර ඇති බවයි.