(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
කැබති ගොල්ලෑව මැද මැදවච්චිය පළාත් පාලන ආයතනයේ බලය පිහිටුවන්නට කටයුතු කිරීම නිසා සමගි ජන බලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා තර්ජන එල්ල වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
"පසුගිය මාසයේදී මිනී මැරුම් පනස් දෙකක් සිදුවී තිබෙනවා.මේ මාස අටේ මරණ ප්‍රමාණය අනෙක් කාල වකවානු සමග සැසඳීමේදී වැඩිවී තිබෙනවා. රෝහණ බණ්ඩාර මැතිතුමාට තර්ජන එල්ල වී තිබෙනවා.
විපක්ෂ මන්ත්‍රීවරුන්ට තමන්ගේ දේශපාලනය චින්තනය මත දේශපාලනය කිරීමේ නිදහස අහිමිවෙලා.ඔවුන්ට බරපතළ තර්ජන වලට ලක් වෙන්න සිදුවෙනවා. අප මේ කාරණය ජනපතිටත් දැනුම් දුන්නා.නමුත් ඒ ගැන කිසිදු විසඳුමක් හෝ ප්‍රගතියක් නෑ.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත් වඩා රටේ ජනතාවට අප ප්‍රමුඛත්වයක් දෙනවා. ඔවුන්ද දැඩි භීෂණයට ලක්වෙලා. කොයි මොහොතේ වෙඩි වදී ද කියලා බයේ සිටිනවා යනුවෙන්ද විපක්ෂ නායකවරයා කීය.