මනම්පිටියේ වෙළෙන්දා පාසල් දරුවන්ට මත්ගුලි විකුණයි


(ඩබ්. ඒ. පියතිලක)  

පාසල් සහ උපකාරක පන්ති යන සිසුන්ට මත්ගුළි විකුණූ වෙළ ඳසැල් හිමියකු අද(08) මනම්පිටිය නගරයේදී අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව කොට්ඨාස  අපරාධ විමර්ශන අංශය පවසයි.
 
වෙළඳසැල්හිමියා රුපියල් 150 සහ 600 යන මිල ගණන්වලට මත්ගුළි අලෙවි කරන බවට ලද තොරතුරක් අනුව එම වෙළදසැළට පාසල් දරුවෙකු ලෙස උපාය දුතයෙකු යොදවා ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.
 
වෙළදසැල  පරීක්ෂා කිරීමේදි එහි තිබී මත්ගුලි 3000ක් (කිලෝ 27ක්) එම නිලධාරීන් සොයාගෙන ඇත.
  
මෙම වෙළදසැල පිහිටා ඇත්තේ මනම්පිටිය නගරයේ  පාසල් අසන්නයේ සහ උපකාරක පංති විශාල ප්‍රමාණයක් පිහිටා ඇති මාර්ගයක බැවින් එහි යන පාසල් සිසුන් සහ උපකාරක පංති යන සිසුන් විසින්   මෙම වෙළදසැල තුලින්  මත්ගුලි ලබා ගන්නා බවට  ලද තොරතුරක් මත මෙම වැටලීම කර තිබිණි.
 
පාසල් දරුවන් මතට හුරු කිරිම සදහා  රුපියල්  600ක මිලට අලෙවි කරන ග්‍රෑම් 50ක විශේෂ මත් ගුලි වර්ගයක් ද මෙහි තිබී සොයා ගත් බවත් එය කණ්ඩායමක් සදහා භාවිතා කිරීමට නිෂ්පාදනය කර ඇති බවත් වෙළදසැල් හිමියා පොලිසිය යෙදු උපාය දුතයාට පැවැසු බවත් වැටලීම සිදුකළ පොලිස් කාණ්ඩායම  කියයි.

අත්අඩංගුවට ගත් මත්ගුලි සහ පුද්ගලයා අධිකරණ කටයුතු සදහා පොළොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් පොළොන්නරුව පොලිසියට බාර දි තිබේ.