මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුදල් වියදම් කළේ පෞද්ගලික සුබසාධනය වෙනුවෙන් නෙවෙයි


(ඩයනා උදයංගනී සහ සුජිත් හේවාජුලිගේ)

පාලක මණ්ඩල අනුමැතියකින් තොරව මධ්‍යම සංස්කෘතික අරමුදලෙන් ලබාගෙන ඇති බව කියන රුපියල් මිලියන 3600ක මුදලින් කළ ව්‍යාපෘති රටට පෙනෙන්නට තිබෙන බවත් එම මුදල් පෞද්ගලික සුබසාධනය වෙනුවෙන් වැය කර නොමැති බවත් නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (04) පැවසීය.

තමා මුදල් ලබා ගත් ආකාරයට පාලක මණ්ඩල අනුමැතිය නැතිව පසුගිය රජය සමයේත් මෙම අරමුදලේ මුදල් ලබාගෙන ඇති බව කී ඇමැතිවරයා එදා එම මුදල් වැය කර ඇත්තේ ජනාධිපති පදවි ප්‍රාප්ත උත්සව ආදිය වෙනුවෙන්  බව ද කීවේය.

නමුත් තමා ආගමික ස්ථාන ආදිය දියුණු කිරීමට එම මුදල් වැය කර ඇතැයි ඇමැතිවරයා සදහන් කළේ ය.