මධ්‍යම මහ ඇමති පුටුවට සජබෙන් මහාචාර්ය උපුල්?




(සුජිත් හේවාජුලිගේ)

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ හිටපු  උප කුලපති මහාචාර්ය  උපුල් දිසානායක මහතා සමගි  ජන බලවේගයේ   මධ්‍යම පළාත් මහ ඇමති අපේක්ෂක ලෙස පත්කිරීමට එම පක්ෂයේ අවධානය යොමුවී ඇත.

දිසානායක මහතාද ඒ සදහා  කැමැත්ත පළකර ඇතැයි  වාර්තාවේ.

ඔහු විශ්ව විද්‍යාල සේවයේදී සිටියදී මෙම පත්කිරීමට උත්සාහ දැරූ අවස්ථාවේදී එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබිණ.. හෙතෙම දැනට විශ්‍රාම ගොස් සිටින හෙයින් එම ඉල්ලීමට මෙසේ  කැමැත්ත පළකර ඇත.

මහාචාර්ය උපුල් දිසානායක මහතා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ 21 වැනි උපකුලපතිවරයාය.ඔහු   කාලයක් එහි දන්ත වෛද්‍ය පීඨයේ  පීඪාධිපතිවරයා  ලෙසද කටයුතු කළේය.