මධ්‍යම අධිවේගය ඉදිකරන භූමියේ ඇති කෲඩියා සෙලනිකා ශාකය වෙනත් ස්ථානයකට


 

(නිමල කොඩිතුවක්කු)

මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීමට යෝජිත බිමෙහි පිහිටි ශ්‍රී ලංකාවට ආවේණික ශාකයක් වන කෲඩියා සෙලනිකා ශාකය එම ස්ථානයෙන් ඉවත් කිරීමට පියවර ගන්නා බව මාර්ග සංවර්ධන අධිකාරියේ ව්‍යාපෘති අධ්‍යක්ෂ ඩබ්ලිව්. කේ කොඩිතුවක්කු මහතා ලංකාදීපයට පැවැසීය.

අදාල ශාකය මුලපිටින් උදුරා වෙනත් ස්ථානයක යළි සිටුවීමට අවශ්‍ය කටයුතු සිදු කරන බවද කොඩිතුවක්කු මහතා සඳහන් කළේය.

වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව, පේරාදෙණිය උද්භිත උද්‍යානය හා මධ්‍යම පරිසර අධිකාරිය යන ආයතනවලින් මේ සඳහා අනුමැතිය හිමිව ඇති බව ද ඔහු පැවසීය.

ලොව දැනට ඉතිරිව ඇති දුර්ලභම ශාකයක් බවට මෙම ශාකය හඳුනාගෙන ඇත.

මෙම ශාකය මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීමට යෝජිත බිමෙහි දාරළුව දුම්රිය ස්ථානයට නුදුරු ඉඩමක ඇති අතර මෙම ශාකය ඉවත් කිරීමට ගම්පහ දිසා වන නිලධාරී කාර්යාලය විරෝධය පළ කළේය.