මදුරුවෝ මැරුවොත් මුදල් තෑගි


පිලිපීනයේ ඩෙංගු වයිරස ව්‍යාප්තිය දරුණුවට සිදුවෙයි. එහෙයින්, එරට මධ්‍යම මැනිලා අගනුවර කාර්ලිටෝ සර්නාල් නමැති පළාතේ පරිපාලන බලධාරීන් තීරණය කර ඇත්තේ, මදුරුවන් මරා හෝ පණ පිටින් අල්ලාගෙන එන පුද්ගලයන්ට මුදල් තෑගි පිරිනැමීමටය.

ඒ අනුව, මරා හෝ පණපිටින් අල්ලා ගෙනැවිත් දෙන මදුරුවන් පස් දෙනකු වෙනුවෙන් පිලිපීන පේසෝ 1 ක මුදලක් පිරිනැමීම සිදුවෙයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව, වාර්ෂිකව ඩෙංගු වයිරස ව්‍යාප්තිය දරුණුවට සිදුවන ආසියානු රාජ්‍යයක් ලෙස පිලිපීනය පිළිගැනෙයි.

2023 වසරේදී පිලිපීනය දරුණු ලෙස ඩෙංගු වසංගතයකට මුහුණ දුන්නේය. 2023 වසරේ ඩෙංගු රෝගීන් 167,355 දෙනකු සහ මරණ 575 ක් වාර්තා විය.

(එන්.ඩී.ටීවී.)