මත්සාදයක් වටලා දස දෙනකු අල්ලයි


(සමන් කාරියවසම් සහ සුමිත් පොතුපිට්ය)

දිවයිනේ විවිධ ප්‍රදේශවල තරුණ පිරිසක් මුහුණු පොත හරහා සම්බන්ධ කර ගනිමින් කෙසෙල්වත්ත ගොරකාන ගල් කණුව පාරේ හෝටලයක් තුළ පැවති මත්ද්‍රව්‍ය සාදයක් වටළා එහි සිටි කාන්තාවක ඇතුළු තරුණයන් දස දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

අත්අඩංගුවට පත්වී ඇත්තේ හම්බන්තොට දෙහිවල, බොරලැස්ගමුව, ගාල්ල, ගල්කිස්ස සහ හම්බන්තොට ආදී ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 25 , 31 සහ 35 අතර තරුණයන් බව පොලිසිය සඳහන් කරයි.

සැකකරුවන් සන්තකයේ තිබි අයිස් හා කොකේන් මත් කුඩු  සොයා ගත් බව පොලිසිය කියයි.

අත්අඩංගුට පත් පුද්ගලයන් අතර හෝටලේ හිමිකරු සහ ඔහුගේ බිරිඳ සිටින බව පොලිසිය කියයි.

අවස්ථා කීපයකදීම මෙම ස්ථානයේ වැටලීමට ගියත් එම අවස්ථාවල හෝටලේ හිමිකරුවන් විසින් හෝටලයට ඉබි යතුරු දමා වසා තිබුණ බවත් හෝටලේ හිමිකරු සහ එම කාන්තාව වෙත වරෙන්තු නිකුත් කොට තිබූ බවත් පොලිසියේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය.