
(යොහාන් භාසුර)
අළෙවි කිරීම සඳහා සූදානම් කර තිබූ මත්පෙති 1200 ක තොගයක් සමඟ සැකකරුවක් සහ සැකකාරියක් සිලාවතුර, නානට්ටාන් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව ශ්‍රී ලංකා නාවික හමුදාව පැවසීය.
මන්නාරම කොට්ඨාස පොලිස් අපරාධ විමර්ශන කාර්යාංශය සමඟ එක්ව සිලාවතුර, නානට්ටාන් ප්‍රදේශයේ කළ සෝදිසි මෙහෙයුමකදී වයඹ නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා ඵේරපුත්ත ආයතනයේ නිලධාරීන් සැකකටයුතු පුද්ගලයින් දෙදෙනෙක් පරීක්‍ෂා කළ බවත් එහිදී එම පුද්ගලයින් සන්තකයේ තිබී අළෙවි කිරීම සඳහා සූදානම් කළ මත්පෙති 1200 ක් අත්අඩංගුවට ගත් බවත් නාවික හමුදාව කීය.
මෙහිදී අත්අඩංගුවට ගත් සැකකරු සහ සැකකාරිය වයස අවුරුදු 23 ක් සහ 45 ක් වන නානට්ටාන් ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා සහ මත්පෙති තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා සිලාවතුර පොලීසියට භාරදුන් බවත් නාවික හමුදාව සඳහන් කළේය.

