මත්ද්‍රව්‍ය සහ මෝටර් රියක් සමඟ තිදෙනෙකු අල්ලයි


(නිමල් ජයරත්න )

දීර්ඝ කාලයක සිට වැලිකන්ද මහසෙන්පුර සහ සිංහපුර ප්‍රදේශයට අයිස් මත්ද්‍රව්‍ය බෙදූ පුද්ගලයන් තිදෙනෙකු නවීන පන්නයේ මෝටර් රථයක් සමඟ ඊයේ ( 18 )  සවස අත්අඩංගුවට ගත් බව අරලගංවිල විශේෂ කාර්ය බලකාය සඳහන් කරයි.

සැකකරුවන් අඩංගුවට ගන්නා විට ඔවුන් සතුව අයිස් මත්ද්‍රව්‍ය තිබූ බවත්, එම මත්ද්‍රව්‍ය ප්‍රදේශයට ගෙන්වා ගැනීම සඳහා පරිහරණය කරන ලද ජංගම දුරකථන දෙකක්ද මෙහිදී පොලිස්බාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන්  අවුරුදු තිහත්, තිස් පහත් අතර වයසේ පසුවන මහසෙන්පුර හා සිංහපුර ප්‍රදේශයේ පදිංචිකරුවන් බවද විශේෂ කාර්ය බලකාය සඳහන් කරයි.