මත්ද්‍රව්‍ය සඟවාගෙන ආ ඉරාන කතක් අත්අඩංගුවට


(ප්‍රසාද් මුතුකුඩ සහ ටී.කේ.ජී. කපිල)
 
හයිබ්‍රිඩ් කුෂ් නමින් හඳුන්වන ගංජා ග්‍රෑම් 400 ක් ඉතා සූක්ෂම ලෙස ගමන් මල්ලක සඟවාගෙන පැමිණි ඉරාන ජාතික  කාන්තාවක් (24)  පොලිස්  මත්ද්‍රව්‍ය කාර්යංශය මගින් අද (31)  අත්අඩංගුවට ගනු ලැබීය.

එහි වටිනාකම  ලක්ෂ 16 පමණ වන බව පොලීසිය කියයි. කටාර් ගුවන් සේවයට අයත් කිව්. ආර්. 668 දරණ ගුවන් යානයෙන් ඇය පැමිණ ඇත්තේ  ඉරානය  සිට  දෝහා  හරහා බව පොලීසිය පවසයි. 

කටුනායක ගුවන්තොටුපලේ  බැංකු ලොබිය අසල රාජකාරි නියුතුව  සිටි මත්ද්‍රව්‍ය කාර්යංශ නිළධාරින්  විසින් ඇය අත්අඩංගුවට ගෙන ගමන් මළු පරික්ෂා කිරීමේදී  එහි ව්‍යාජ  පතුලක ගංජා පැකට්  සඟවා  තිබී හමුවිය.

මෙවැති මත් ද්‍රව්‍ය ප්‍රමාණයක් ප්‍රථම වරට අත්අඩංගුවට ගන්නා ලද්දක් බව පොලීසිය කියයි.

ඇය මීගමුව අධිකරණයට ඉදිරිපත් කර ලබා ගන්නා රැඳවුම් නියෝග මත රඳවාවා ගෙන ඉදිරි පරික්ෂණ කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශ  මූලස්ථායට ඉදිරිපත් කරනු ලබන  බව පොලීසිය පවසයි.